තායිවානය සමඟ පවතින අර්බුදය සාමකාමීව විසදගන්නා ලෙස බ්‍රිතාන්‍ය චීනයට දැනුම් දී තිබෙනවා.
චීනය තායිවානයට එරෙහිව මිලිටරි බලය යොදා ගැනීම කිසිසේත් අනුමත නොකරන බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් බෙන් වොලස් පවසනවා. චීන – තායිවාන අර්බුදය සම්බන්ධයෙන් බ්‍රසල්ස්හි පැවති නේටෝ සමුළුවට සහභාගි වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා. මේ මස පළමුවනදා හමුදා ගුවන් යානා විශාල සංඛ්‍යාවක් යොදා ගනිමින් තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කිරීමට කටයුතු කළ බවට චීනයට චෝදනා එල්ල වී තිබෙනවා. මෙවැනි ක්‍රියා තුළින් චීනය ද අනතුරකට මුහුණ පෑමේ වැඩි ඉඩකඩක් ඇති බවයි බ්‍රිතාන්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
චීනයෙන් වෙන්වී තායිවානය නිදහස් රාජ්‍යයක් ලෙස කටයුතු කළද එය තම රටේ කොටසක් ලෙසයි චීනය සලකනු ලබන්නේ.
The post තායිවානය සමඟ පවතින අර්බුදය සාමකාමීව විසදගන්නා ලෙස බ්‍රිතාන්‍ය චීනයට දැනුම් දෙයි appeared first on ITN News.
Post a Comment