Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාල සමාගමේ කොටස්වල වටිනාකම 09 ගුණයකින් ඉහළට  

Add comments

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරම්භ කළ නව සමාජ මාධ්‍ය ජාල සමාගමේ කොටස් වෙළෙදපොල වටිනාකම දින දෙකක් තුළදී නව ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඩිජිටල් වර්ල්ඩ් ඇක්වසිෂන් සමාගමේ කොටස් අලෙවිය මෙලෙස ශීඝ්‍ර ලෙස ඉහළ යාම ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහි ඇමෙරිකානුවන් තුළ ඇති ප්‍රසාදය පිළිබිඹු කරන්නක් බවයි පැවසෙන්නේ. 2020 වසරේ ජනවාරි මස එරට පැවති ජනාධිපතිවරණය සමග ඇතිවූ සිද්ධිදාමයන් හේතුවෙන් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ගිණුම් අත්හිටුවීමට ට්විටර් සහ ෆේස්බුක් සමාගම ක්‍රියාකළා. ඊට ප්‍රතිචාර වශයෙන් නව සමාජ මාධ්‍ය ජාලය ආරම්භ කරන බවයි ට්‍රම්ප් සහ ඔහුගේ උපදේශකයින් පවසන්නේ. ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාලය ටෘත් සෝෂල් ලෙස නම් කර ඇති බවයි සඳහන් වන්නේ.

 

 

 

 

The post ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාල සමාගමේ කොටස්වල වටිනාකම 09 ගුණයකින් ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG