Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පකිස්ථානයේ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක්  

Add comments

පකිස්ථානයේ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් පකිස්ථාන පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු මිය ගිය බවද වාර්තා වනවා. අත්අඩංගුවට පත්ව ඇති පකිස්ථානයේ තහනමට ලක්වූ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක ප්‍රධානියා නිදහස් කරන මෙන් ඉල්ලා සිටිමින් ඔහුගේ ආධාරකරුවන් විරෝධතා ආරම්භ කළා. එමෙන්ම නබි නායකතුමන් හාස්‍යයට ලක්කරමින් ප්‍රංශ සගරාවක පළවූ කාටූන් චිත්‍ර සම්බන්ධයෙන් ඇතිවූ මත භේදාත්මක තත්ත්වය ද විරෝධතා උත්සන්න වීමට හේතුවී තිබෙනවා.

පකිස්ථානයේ සිටින ප්‍රංශ තානාපතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙසද ඔවුන් පකිස්ථාන රජයෙන් ඉල්ලා සිටිනවා. ප්‍රචණ්ඩකාරී විරෝධතා පාලනය කිරීම සදහා කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බව පකිස්ථානය පොලිසිය පවසනවා.

 

 

 

 

 

 

 

The post පකිස්ථානයේ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG