Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමාජ සේවා ආයතන එකම අමාත්‍යාංශයකට ගෙන එන්න යෝජනාවක්  

Add comments

සමාජ සේවා විෂයට අදාළ පොදු විෂයන් සහ කාර්යයන් සහිත ආයතන සියල්ල එක් අමාත්‍යංශයක් යටතේ පැවතීමේ අවශ්‍යතාව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව අවධාරණය කරනවා.

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සදහා පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභා රැස්වීමේ දීයි මේ බව සදහන් කෙරුණේ. කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්සවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වුණා. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ අමාත්‍යාංශවල විෂය පතය සකස් කිරීමේදී ප්‍රමිතිකරණයක් අවශ්‍ය වන බවයි. ආබාධිත දරුවන් වෙනුවෙන් සේවය කිරීමට දිස්ත්‍රික් මට්ටමින් ආයතන පිහිටුවීමේ වැදගත්කමද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නා. මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම,  පුහුණුව ලබාදීම සහ සමාජගත කිරීම එක් ආයතනයකින් නියාමනය කිරීමේ අවශ්‍යතාව ද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දුන්නා. දීර්ඝ කාලයක සිට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කල යුතු බවයි කාරක සභාවේ සභාපතිවරයා කියාසිටියේ. යාචකයින් වැඩිවීම ජාතික ප්‍රශ්නයක් වී ඇති බව කාරක සභාවේ සාමාජිකයින් මෙහිදී පෙන්වා දුන්නා. එම ගැටලුව විසදීම සදහා නිසි වැඩපිළිවෙළක් යෙදිය යුතු බවයි සදහන් කෙරුණේ.

සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 8 කට අයත් ඉඩම් හෙක්ටාර 22 ක් දෙපාර්තමේන්තුවට පවරා නොගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

 

 

The post සමාජ සේවා ආයතන එකම අමාත්‍යාංශයකට ගෙන එන්න යෝජනාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG