ලොව පුරා රටවල් 221 කින් ඊයේ දිනයේ දී හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින්ගේ හා මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙනවා.
ගතවූ පැය 24 ට හමුවී ඇත්තේ වයිරස ආසාදිතයින් ලක්ෂ 3 කට ආසන්න සංඛ්‍යාවක්. සිදුව ඇති මරණ සංඛ්‍යාව 4625 ක්. වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 890ක් වාර්තා වන්නේ රුසියාවෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. එමෙන්ම ඊයේ දිනයට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ බ්‍රිතාන්‍යයෙන්. එම සංඛ්‍යාව 30439ක්. ඒ සමඟම ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසි තුන් කෝටි පනස් හත් ලක්ෂය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,816,005ක්.
The post ගතවූ පැය 24ට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment