ඉතාලියේ මිලාන් අගනුවර සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිලාන් නගරයේ සිට සාඩීනියා නගරය වෙත පියාසර කරමින් තිබූ පෞද්ගලික ගුවන් යානයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. ගුවන් යානය කාර්යාල ගොඩනැගිල්ලක ගැටී ඇති අතර එම ගොඩනැගිල්ල සහ මෝටර් රථ කිහිපයක්ද ගින්නෙන් විනාශ වී තිබෙනවා. ගුවන් යානය පදවා ඇත්තේ බිලියනපතියෙකු වන අතර ඔහුගේ බිරිද සහ දරුවාද අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගුවන් යානය ගොඩනැගිල්ලේ ගැටෙන අවස්ථාව වන විටත් එහි එන්ජිම ගිනි ගනිමින් තිබූ බව සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කරනවා. අනතුරට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.
The post ඉතාලියේ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment