ලොව රාජ්‍ය නායකයන් රැසකගේ වත්කම් පිළිබඳ රහස්‍ය මූල්‍ය තොරතුරු රැසක් හෙළි වී තිබෙනවා.
ලොව රටවල් රැසක හිටපු හා දැනට බලයේ සිටින රාජ්‍ය නායකයන් 35 දෙනෙකුගේ හා රාජ්‍ය නිලධාරීන් 300කගේ මෙන්ම බිලියනපතියන්ගේ වත්කම් පිළිබඳ රහස්‍ය මූල්‍ය තොරතුරු මෙලෙස අනාවරණය කර තිබෙනවා. එම තොරතුරු අනාවරණය කළ ලිපිගොනු පැන්ඩෝරා පත්‍රිකා ලෙසයි නම් කර ඇත්තේ. මෙය මෑත ඉතිහාසයේ සිදු කළ විශාලතම මූල්‍ය හෙළිකම ලෙස සැලකෙනවා.
ජෝර්දානයේ අබ්දුල්ලා රජුට බ්‍රිතාන්‍ය යේ සහ ඇමරිකාවේ පවුම් මිලියන 70ක තරම් වටිනාකමින් යුත් වත්කම් ඇති බව එහි සඳහන්. බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිද ලන්ඩන් නගරයෙන් කාර්යාලයක් මිලදී ගැනීමේ දී පවුම් තුන් ලක්ෂ දොලොස් දහසක් මුද්දර ගාස්තු ලෙස ලබා ගෙන ඇති බව හෙළිව තිබෙනවා. එමෙන්ම ලොව ප්‍රබලම රාජ්‍ය නායකයෙකු ලෙස සැලකෙන රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ට අයත් මොනාකෝ රාජ්‍ය යේ වත්කම් පිළිබඳවද හෙළිව තිබෙනවා. එමෙන්ම චෙක් රාජ්‍ය අග්‍රාමාත්‍යවරයාට අයත් පවුම් මිලියන 12 ක වටිනාකමකින් යුත් ප්‍රංශයේ වත්කම් පිළිබඳවද ඊට අයත්.
එම තොරතුරු අතර ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නමත් සඳහන් වෙයි.
මීට පෙරද මේ ආකාරයෙන්ම රහස්‍ය මූල්‍ය තොරතුරු පිළිබද පැනමා පත්‍රිකා හා පැරඩයිස් පත්‍රිකා ආදී ලිපිගොනුවලින් හෙළිදරව් කෙරුණා.
The post රාජ්‍ය නායකයින් රැසකගේ වත්කම් පිළිබඳ රහස්‍ය මූල්‍ය තොරතුරු හෙළිවෙයි appeared first on ITN News.
Post a Comment