වසර 30කට පසු ඇමෙරිකාවේ උද්දමනයේ ඉහළම අගය පසුගිය මාසයේ දී වාර්තා වී තිබෙනවා.
පසුගිය අගෝස්තු මාසයේ දී ඇමෙරිකාවේ පුද්ගලික පරිභෝජන වියදම 0.4% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. එය වසරකට සළකා බැලීමේ දී 4.3% ක ඉහළ යාමක් බවයි ඇමෙරිකා වාණිජ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. 1991 වසරෙන් පසු එරට උද්දමනය ඉහළම අගය ගත්තේ මෙම වසරේයි. භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම හා සැපයුම් මාර්ග අවහිර වීම උද්දමනය ඉහළ යාමට හේතුවී තිබෙනවා.
The post වසර 30කට පසු ඇමෙරිකාවේ උද්දමනයේ ඉහළම අගය පසුගිය මාසයේ දී වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment