කොරෝනා මරණ හා ආසාදිතයින් සංඛ්‍යාව 50%කින් පමණ අවම කළ හැකි ඖෂධයක් නිෂ්පාදනය කිරීමට ඇමෙරිකාවේ සමාගමක් සමත්ව තිබෙනවා.
මොල්නුටිරවිර් ඖෂධය භාවිතයෙන් කොරෝනා මරණ හා රෝහල්ගතවන සංඛ්‍යාව 50%කින් අඩුකළ හැකි බව මර්ක් සමාගම නිවේදනය කරනවා. මේ දක්වා සිදුකළ සායනික පරීක්ෂණවලින් ඒ බව තහවුරු වී ඇති බවයි එම සමාගම තවදුරටත් සදහන් කරන්නේ. මේ දක්වා ලැබූ සාර්ථක ප්‍රතිඵල හේතුවෙන් තුන්වන වටයේ සායනික පරීක්ෂණ අවලංගු කිරීමට ද විශේෂඥයින් උපදෙස් ලබාදී තිබෙනවා. එම ඖෂධය හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාගැනීමට ඉල්ලුම්කිරීමට බලාපොරොත්තු වන බවයි මර්ක් සමාගම කියාසිටින්නේ. එම ඖෂධය භාවිතය සඳහා අනුමැතිය හිමි වුවහොත් කොරෝනා වයිරසයට එරෙහිව නිපදවූ පළමු ප්‍රති වයිරස ඖෂධය ද මෙය වනවා.
The post කොරෝනා වයිරසයට එරෙහි ඖෂධයක් appeared first on ITN News.
Post a Comment