Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන හමුදා ජෙට් 38ක් තායිවානය දෙසට පියාසර කරයි  

Add comments

තායිවානය දෙසට චීන හමුදා ජෙට් යානා 38ක් එවා ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  තායිවාන කලාපය දෙසට චීන හමුදාව සිදු කළ ප්‍රබලතම හමුදා මෙහෙයුම මෙය වනවා.

න්‍යෂ්ටික බෝම්බ හෙලීමට හැකි ජෙට් යානාද චීනය මෙම ප්‍රදේශයට එවා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. චීනය සහ තායිවානය අතර ක්‍රියාත්මක වන ගුවන් ආරක්ෂක කලාපයට මෙම යානා ඇතුල් වී තිබෙනවා. ඊට ප්‍රතිචාර වශයෙන් තායිවානය සිය මිසයිල පද්ධතිය සක්‍රීය කළා. චීනය දීර්ඝ කාලයක සිට තායිවානය සිය රාජ්‍ය යේ කොටසක් බව ප්‍රකාශ කර සිටිනවා. එහෙත් රටවල් රැසක් තායිවානය යනු ස්වාධීන රාජ්‍යක් ලෙස පිලිගෙන තිබෙනවා. චීනයේ ක්‍රියා කලාපය නිසා කලාපීය සාමයට දැඩි තර්ජනයක් පවතින බවයි තායිවාන අග්‍රාමාත්‍ය ත්සූ ත්සෙන් චැන් පවසනවා.

වාර දෙකකදී චීන හමුදා ජෙට් යානා තායිවානය දෙසට පැමිණි බව තායිවාන ආරක්ෂක අංශ තහවුරු කළා. චීන ගුවන් යානා ඇතුලු වූ ගුවන් ප්‍ර දේශය අන්තර්ජාතික ගුවන් කලාපයක් ලෙස ක්‍රියාත්මක වන අතර චීනය හෝ තායිවානය එම ප්‍ර දේශයට තනි අයිතිවාසිකමක් ප්‍රකාශ කර නැහැ.

 

The post චීන හමුදා ජෙට් 38ක් තායිවානය දෙසට පියාසර කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG