සදහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහර අද උදෑසන අහුංගල්ල පුලිනතලාරාමයෙන් ගමන් ආරම්භ කළා.
ආගමික ආශිර්වාද මධ්‍ය යේ ගමන් ආරම්භ කළ පෙරහර බලපිටිය, අම්බලන්ගොඩ, මාදම්පගම, හික්කඩුව, රත්ගම, පියදිගම, ගාල්ල සහ දෙවට හන්දිය හරහා ගමන් කර අද පස්වරුවේ උණවටුන යටගල රජමහා විහාරය වෙත සම්ප්‍රාප්ත වීමට නියමිතයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පෙරහර පැවැත්වීමට සියළු කටයුතු සංවිධාන කර තිබෙනවා. පෙරහර ගමන් ගන්නා අවස්ථාවේ දී රථ වාහන පාලනය අදාළ පොලිස් කොට්ඨාශය මගින් සිදු කෙරෙනවා.
The post සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර අහුංගල්ල පුලිනතලාරාමයෙන් පිටත් වේ appeared first on ITN News.
Post a Comment