ඊයේ දිනයේ කොරෝනා ආදාසිතයින් 893 දෙනෙක් අපේ රටෙන් හමුවෙද්දි කොරෝනා මරණ 58 කුත් වාර්තා වුණා.
ඊයේ හදුනා ගත් නව කොරෝනා ආසාදිතයින් 893 දෙනා සමගින් මෙරටින් මේ දක්වා හමුවී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 518,775 ක්. ඒ අතුරින් 47,726 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සුවය ලබාඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 458,085 ක්.
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ කොරෝනා මරණ 58 ද සමගින් මේ දක්වා මෙරට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,964 ක්. ඊයේ දිනය තුළ පීසීආර් පරීක්ෂණ 8,261 ක් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3,476 ක් සිදුකර තිබෙනවා.
මේ අතර කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ද දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. ඇස්ට්‍රා සෙනෙකා, සයිනොෆාම්, ස්පුට්නික් වී, ෆයිසර් හා මොඩර්නා යන එන්නත්වලින් කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි හතලිස් පන් ලක්ෂ පනස්පන්දහස් දෙසිය පහළොවක් වෙනවා. දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි දහඅට ලක්ෂ විසිඑක් දහස් පන්සිය අනූහතරක්.
විවේචන පසෙකලා සියලු දෙනා කොරෝනා මර්දනයට එක්වන්නැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉල්ලා සිටිනවා.
The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 893ක් appeared first on ITN News.
Post a Comment