උතුරු පළාතේ රටකජු වගාවෙන් මෙවර සාර්ථක අස්වැන්නක් ලැබෙමින් පවතිනවා. රටකජු සදහා ඉහළ ඉල්ලුමක් වෙළෙදපොල තුළ පවතින බවයි ගොවීන් පවසන්නේ.
උතුරේ ප්‍රදේශ රැසක රටකජු වගා කිරීමට ගොවීන් දිරි ගැන්වීම් සිදුවුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම මතයි. ඒ අනුව වව්නියාව, කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කවල මෙවර වැඩි භූමි ප්‍රමාණයක රටකජු වගා කිරීමට පියවර ගැණුනා. එම වගාවේ අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර මෙවර සාර්ථක අස්වැන්නක් ලැබෙමින් පවතින බවයි ගොවීන් පවසන්නේ.
නිසි පරිදි වර්ෂාව ලැබීම අස්වැන්න ඉහළ යාමට හේතුවූ බව ද ඔවුන් පෙන්වා දෙනවා.
මේ වනවිට රටකජු කිලෝග්‍රෑමයක් රුපියල් 250 ත් 350 ත් අතර මිලකට අලෙවිකර ගැනීමට ගොවීන්ට හැකියාව ලැබී තිබෙනවා.
The post උතුරු පළාතේ රටකජු වගාවෙන් මෙවර සාර්ථක අස්වැන්නක් appeared first on ITN News.
Post a Comment