දිවයිනේ දෙවන කුළුබඩු මන්දිරය කලවානේදී විවෘත කර තිබෙනවා. ඒ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ මූලිකත්වයෙන්.
දේශීය කුළුබඩු සහ ඒ ආශ්රිත නිෂ්පාදන උසස් ප්‍රමිතියකින් යුතුව ජනතාවට පහසු මිලට ලබාදීමයි කුළුඩු මන්දිර පිහිටුවීමේ අරමුණ වන්නේ. දිවයිනේ නගරාශ්‍රිතව කුළු බඩු මන්දිර විවෘත කිරිමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව දෙවන කුළුබඩු මන්දිරය කලවාන මධ්‍යම බස් නැවතුම්පොළ වෙළෙඳ සංකීර්ණයේදී ආරම්භ කෙරුණා. කහ, ගම්මිරිස්, කුරුදු, කරදමුංගු ඇතුළු කුළුබඩු වර්ග 18 ක් පහසු මිලට ජනතාවට මෙමගින් ලබාගැනීමේ අවස්ථාව සලසා තිබෙනවා.
The post දිවයිනේ දෙවන කුළුබඩු මන්දිරය කලවානේදී විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment