වැඩි මිලට සිමෙන්ති අලෙවි කළ වෙළෙදසැලක් වැටලීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සමත් වුණා.
පැල්මඩුල්ල ගනේගම ප්රදේශයේ වෙළෙදසැලක රුපියල් එක්දහස් දෙසීයක මිලකට සිමෙන්ති කොට්ටයක් අලෙවිකරන බවට පාරිභෝගික අධිකාරියේ රත්නපුර කාර්යාලයට තොරතුරු ලැබී තිබුණා. උපාය දූතයෙකු යොදවා වැඩි මිලට සිමෙන්ති අලෙවිකළ වෙළෙදසැල් හිමියා නීතියේ රැහැණට කොටුකර ගැනීමට එම අධිකාරියේ නිලධාරීන් සමත්වුණා.
වෙළෙදසැල් හිමියාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් සිමෙන්ති කොට්ට 150 ක් තම භාරයට ගත් බවත් වැටලීම සිදුකළ නිලධාරීන් සදහන් කළා.
The post වැඩි මිලට සිමෙන්ති අලෙවි කළ වෙළෙදසැලක් වටලයි appeared first on ITN News.
Post a Comment