Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිලිපීන ජනපති දේශපාලනයෙන් සමු ගනී  

Add comments

පිලිපීනයේ ජනාධිපති රොද්‍රිගෝ දුතෙර්තේ දේශපාලනයෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

ඉදිරි මහ මැතිවරණයේ දී උප ජනාධිපති ධුරය සදහා තරග වදින බවට ඔහු කලින් ප්‍රකාශකර තිබුණ  ද එම අදහස් අත්හැර දමා දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමටයි තීරණය කර ඇත්තේ.

පිලිපීන ව්‍යවස්ථාවට අනුව රොද්‍රිගෝ දුතෙර්තේට තවදුරටත් ජනාධිපති ධුරය සදහා තරගවැදීමට නොහැකි වනවා. කෙසේ වෙතත් ඔහු පසුගිය මාසයේදී ප්‍රකාශ කර තිබුණේ ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේ දී උප ජනාධිපති ධුරයට තරගවදින බවයි. එම තීරණය ද හදිස්සියේ වෙනස් කරමින් දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම සමු ගැනීමට පිලිපීන ජනාධිපතිවරයා තීරණය කළා. කෙසේ වෙතත් ඔහුගේ දියණිය ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමේ සැළැස්මක් ඇති බවයි පිලිපීන මාධ්‍ය සදහන් කළේ.

2016 වසරේ දී බලයට පැමිණ දුතෙර්තේ මත්කුඩු ජාවාරම් මැඩලීම සහ අපරාධවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත්තා. පිලිපීනයේ ව්‍යවස්ථාවට අනුව කිසියම් ජනාධිපතිවරයෙකුට උපරිම වශයෙන් බලයේ රැදී සිටිය හැක්කේ වසර 6 ක කාලයක් පමණයි. දුතෙර්තේගේ දියණිය වන සාරා දුතෙර්තේ කාපියෝ මේ වනවිට පිලිපීනයේ දකුණුදිග දවාවෝ නගරයේ නගරාධිපතිනියක ලෙස කටයුතු කරමින් සිටිනවා.

 

 

The post පිලිපීන ජනපති දේශපාලනයෙන් සමු ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG