Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රතිචාර දක්වයි  

Add comments

මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර දක්වමින් මහජන බැංකුව කියා සිටියේ අධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයකට අනුව චීන සමාගමට ගෙවීම නතර කිරීමට තීරණය කළ බවයි.

ඉදිරි අධිකරණ තීන්දු මත ගෙවීම් සිදුකිරීමට පියවර ගන්නා බව බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය නිවේදනය කර තිබුණේ ණයවර ලිපිය සහ පාර්ශව දෙකක් අතර සම්බන්ධතා අනුව මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මහජන බැංකුව අසාදු ලේඛනගත කළ බවයි.

තානාපති කාර්යාලය පැවසුවේ, සීමාසහිත චීන පොහොර ව්‍යවසාය වන Qingdao Seawin Biotech Group Co. සමාගම, ගිවිසුම්වලට අනුව ශ්‍රී ලංකා මහජන බැංකුවෙන් ණයවර ලිපියට අදාළ ගෙවීම් ලබා ගන්නා ලෙස ඉල්ලා ඇති බවයි.

The post අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රතිචාර දක්වයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG