අද (29) මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරය වෙත පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
අනතුරුව විපක්ෂ නායකවරයා මහනුවර ඓතිහාසික අස්ගිරි මහා විහාරය වෙත පැමිණ, ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතනාභිදාන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.
මේ වන විට රටේ උද්ගත ව පවත්නා ගොවිජනතාව මුහුණ දෙන ගැටළු ඇතුළු කාලීන කරුණු කාරණා කිහිපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ බවයි විපක්ෂ නායකවරයා ෆේස්බුක් සටහනක් තබමින් සදහන් කර තිබෙන්නේ.
එම අවස්ථාවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, ශ්‍රී දළදා මාලිගාව හිටපු දියවඩන නිලමේ තැන්පත් නෙරංජන් විජයරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මේ අතර විපක්ෂ නායකවරයා ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාමය වෙත පැමිණ රාජෝපවනාරාමාධිපති පූජ්‍යපාද කැප්පෙටිගොඩ සිරිවිමල නායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගෙන තිබෙනවා.
The post විපක්ෂ නායකවරයා මල්වතු-අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගනී appeared first on ITN News.
Post a Comment