Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා පොලීසියේ ක්‍රියාකාරකම් හේතුවෙන් මියගිය කලු ජාතිකයින් රැසකගේ තොරතුරු නිල දත්ත අතර නැහැ  

Add comments

ඇමෙරිකාවේ පොලීසියේ ක්‍රියාකාරකම් හේතුවෙන් මියගිය කලු ජාතිකයින් සංඛ්‍යාව නිල දත්ත වාර්තාවන්ට වඩා ඉහළ අගයක් ගන්නා බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඇමෙරිකා පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයින් මෙන්ම පොලීසියේ විවිධ ක්‍රියා නිසා  මියගිය කලු ජාතිකයින් දාහත්දහසකගේ පමණ තොරතුරු නිල දත්ත අතරට එකතුවී නොමැති බව ලැන්සෙට් සගරාව සඳහන් කරනවා. ඒ අනුව පසුගිය දශක 4 තුළ දී වාර්තා වී ඇති කලු ජාතික මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයක් සිදුව තිබෙනවා. ඝාතන පිළිබඳ අනාවරණය නොවීම , දැනුවත් නොකිරීම , ලේඛණගත නොකිරීම හේතුවෙන් මෙය සිදුව ඇති බව සඳහන්. ඇමෙරිකා පොලිසිය සිදුකරන ක්‍රියාකාරකම් හේතුවෙන් මියයන කලු ජාතික පුද්ගලයින්ගෙන් 60% කගේ පමණ තොරතුරු වාර්තා නොවන බවද එම සගරාව වැඩිදුරටත් පෙන්වා දෙනවා. පොලිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සුදු ජාතිකයෙකු මියයාමේ ප්‍රවණතාවට වඩා කලු ජාතිකයෙකු මියයාමේ ප්‍රවණතාව හතර ගුණයකින් වැඩි බවයි සමීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ. ජාතිය හා ආගම මුල්කර ගනිමින් ඇමෙරිකා පොලීසිය කටයුතු කිරීම අසාධාරණ හා අසාමානාත්මතා පිළිබිඹු කිරීමක් ලෙස විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

 

 

The post ඇමෙරිකා පොලීසියේ ක්‍රියාකාරකම් හේතුවෙන් මියගිය කලු ජාතිකයින් රැසකගේ තොරතුරු නිල දත්ත අතර නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG