නිට්ටඹුව රන්පොකුණුගම නව නිවාස සංකීර්ණයට මුල්ගල් තැබීම සිදුකෙරුණා.
නිවාස ඉදිකිරීම් අමාත්‍යංශය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා. වසරක් තුළ නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි. ගෙවීමේ පදනම මත හිමිකම් ලාභීන් වෙත නිවාස ලබාදීමට සැළසුම්කර ඇති බවයි මෙම අවස්ථාවට එක්වූ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සදහන් කළේ. කොවිඩ් වසංගතය මධ්‍ය යේ වුවද රජයේ නිවාස සංවර්ධන වැඩපිළිවෙළ අඛණ්ඩවම ඉදිරියට ගෙනයන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියා.
මේ අතර සෞභාග්‍යයේ දැක්ම යටතේ නිවසක් නොමැති පවුලකට නව නිවසක් ඉදිකර දීම පාදුක්ක අරුක්වත්ත ගනේගොඩ ප්‍රදේශයේ දී සිදුකෙරුණා. නිවසක් නොමැතිව කුලී නිවසක ජීවත් වූ පවුලක් සඳහායි නව නිවස තනාදීම සිදුකෙරුණේ. නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 6 ක වියදමින් එය ඉදිකර තිබෙනවා. ප්‍ර දේශවාසීන්ගේ ශ්‍රම දායකත්වය ද ඒ සඳහා හිමිවුණා. නිවස ප්‍රතිලාභීන් වෙත භාරදීම කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න සහ අවිස්සාවේල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායක රවීන්ද්‍ර ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
The post නිට්ටඹුව රන්පොකුණුගම නව නිවාස සංකීර්ණයට මුල්ගල් තැබේ appeared first on ITN News.
Post a Comment