Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවේ ගල් අගුරු පතලක සිදුවූ පිපිරීමකින් මිය ගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළට  

Add comments

රුසියාවේ ගල් අගුරු පතලක සිදුවූ පිපිරීමකින් මිය ගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගල් අගුරු පතල තුළ ඇතිවූ ගින්නත් සමග පිපිරීම සිදුවූ බවයි රුසියානු මාධ්‍ය වාර්තා කළේ. පිපිරීම සිදුවන අවස්ථාවේ 286 දෙනෙකු පමණ සේවයේ නිරතව සිට තිබෙනවා. දෙසීයකට වැඩි පිරිසක් පතලෙන් පිටතට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අධික දුම ආඝ්‍රහනය වීම හේතුවෙන් ඔවුන් වහාම රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

පතල තුළ තවත් විශාල පිපිරීමක් සිදුවීමට ඉඩ ඇති හෙයින් ඉතිරි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම් අත්හිටුවා ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ.

 

 

 

 

 

 

 

The post රුසියාවේ ගල් අගුරු පතලක සිදුවූ පිපිරීමකින් මිය ගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG