චීනය ජගත් ප්‍රජාවට නව කොරොනා මර්දන එන්නත් මාත්‍රා බිලියන 1.8කට වැඩි ප්‍රමාණයක් සපයා ඇත.
චීනය ලාඕසයට පරිත්‍යාග කරන කොරොනා එන්නත් මාත්‍රා ලක්ෂ 7ක් එරටට යොමු කිරීම ඊයේ (25) ආරම්භ විය. එමගින් චීනය ජගත් ප්‍රජාවට එන්නත් මාත්‍රා බිලියන 1.8කට වැඩි ප්‍රමාණයක් හා වසංගතයට එරෙහි ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සපයා ඇත.
එමෙන්ම මේ වනවිට චීනය ලාඕසයට කොරොනා එන්නත් මාත්‍රා මිලියන 6.9ක් සපයා ඇත. ලාඕසයේ එන්නත් ලබා ගැනීමේ ප්‍රධාන ප්‍රභවය චීනයයි. චීන-ලාඕස සහයෝගීතාව, චීන-ආසියාන් සංගමය සහයෝගීතාවේ පිළිබිඹුවකි.
මේ වසර පුරා ලොවට එන්නත් මාත්‍රා බිලියන 2ක් ලබාදීමට චීනය උත්සාහ කරන අතර “නව කොරොනා මර්දන එන්නත් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මට” ඇමරිකානු ඩොලර් මිලියන 100ක් පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. චීනය ප්‍රායෝගික ක්‍රියාවලින් තම පොරොන්දු ඉටු කරමින් සිටී.
The post චීනයෙන් ජගත් ප්‍රජාවට නව කොරොනා මර්දන එන්නත් අඛණ්ඩව appeared first on ITN News.
Post a Comment