නැගෙනහිර පළාතේ දැනට ක්‍රියාත්මක සියලු පාලම් පාරුවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සදහා විශේෂ කණ්ඩායමක් යොදවන බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසනවා.
කින්නියා කුරුඤ්ඤංකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළීමෙන් දිවි ගලවා ගත් එහෙත් නේවාසිකව ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ සුවදුක් බැලීමට කින්නියා රෝහලට ගිය අවස්ථාවේයි ආණ්ඩුකාරවරිය මේ බව සදහන් කළේ.
පෙරේදා සිදු වූ මෙම අනතුරින් හය දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබුවා. මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට වගබලා ගන්නා අතර වැරදිකරුවන්ට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ද අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවා. පාලමේ වැඩ කඩිනමින් අවසන් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
The post නැගෙනහිර පළාතේ සියලු පාලම් පාරුවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට විශේෂ කණ්ඩායමක් appeared first on ITN News.
Post a Comment