Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2022 බෙයිජිං ශීත සෘතු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පූර්ව සූදානම ඉහළ පැසසුමට  

Add comments

2022 බෙයිජිං ශීත සෘතු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දින සියයේ අව‍රෝහණ ගණනය පිළිබඳ සැමරුම් උත්සවය පැවැත්වේ.

එම උත්සවය ඊයේ (24) රාත්‍රී චීන ජාතික පිහිනුම් මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.

චීන රජයේ ප්‍රබල නායකත්වය යටතේ ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙල එකවර සැලසුම් කර ක්‍රියාත්මක කර ඇති බවත්, පැරාලිම්පික් තරගාවලිය සඳහා වන පූර්ව සූදානම් කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් සිදුකර ඇති බවත් බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සංවිධාන කමිටුවේ සභාපති Cai Qi මහතා එම උත්සවයේදී පැවසීය.

ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවේ සභාපති Andrew Parsons මහතා වීඩියෝ ආකාරයෙන් එම උත්සවය අමතමින් පැවසුවේ, වත්මන් ශීත සෘතු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ සූදානම් කටයුතුවල ප්‍රගතිය දැකීමෙන් තමා ඉතා සතුටට පත්වන අතර බෙයිජිං නගරය විශිෂ්ට ක්‍රීඩා උළෙලක් පවත්වනු ඇතැයි විශ්වාස කරන බවයි.

බෙයිජිං ශීත සෘතු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගෙන යාමේ  සැලැස්ම ද මෙහිදී එළිදැක්විණ. එය  2022 මාර්තු 2 සිට 4 වැනිදා දක්වා බෙයිජිං, යැන්ඡිං සහ චංජියාකෝ යන තරග කලාප තුනේ දී පැවැත්වේ. ගිනිසිළු ධාවකයන් 600ක් පමණ ඊට එක්වනු ඇත.

The post 2022 බෙයිජිං ශීත සෘතු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පූර්ව සූදානම ඉහළ පැසසුමට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG