ස්වීඩනයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වූ මැග්ඩලීනා ඇන්ඩර්සන් සිය රාජකාරී අරඹා පැයකට පමණ පසු තම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
සුළුතර සභාග රජයකට නායකත්වය දීමට සිදුවීමේ කටුක යථාර්ථය හමුවේ මෙම තීරණය ගත් බවයි ඇය පවසන්නේ. ස්වීඩන් පාර්ලිමේන්තුව වෙත ඇය ඉදිරිපත් කළ අය වැය පරාජය වීම ද මෙම තීරණයට හේතු වී තිබෙනවා. ඇයගේ සභාග පක්ෂය ද අය වැය සඳහා ඡන්දය ප්‍රකාශ කර නොමැති බව පැවසෙනවා. කෙසේ වෙතත් ඉදිරියේදී තමන් තනි පක්ෂයක් මගින් ඉදිරිපත් වී අග්‍රමාත්‍යවරිය ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි මැග්ඩලීනා ඇන්ඩර්සන් පවසන්නේ.
The post ස්වීඩනයේ පළමු අගමැතිනිය රාජකාරී අරඹා පැයකට පසු ධුරයෙන් ඉල්ලා අස්වෙයි appeared first on ITN News.
Post a Comment