වණජීවි රැකවරණය අලි වැට හා අගල් ඉදි කිරීම ඇතුලු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැළැ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මගින් වනාන්තර සංරක්ෂණය වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙළක් අරඹා තිබෙනවා.
ඒ යටතේ රජයේ කැළෑ 40 ක් පමණ රක්ෂිත වනාන්තර බවට ප්‍රකාශයට පත් කිරීම අද සිදු කෙරුණේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මීට පෙර එම කැළෑ භාරකාරත්වය පැවරී තිබුණේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙතයි. එම ගැසට් පත්‍රවලට අත්සන් තැබීම රාජ්‍ය අමාත්‍යවරයා සිදු කළා.
ඉන් අනතුරුව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා කියා සිටියේ වන සංරක්ෂණ නිලධාරීන් ද දැවැන්ත කාර්ය භාරයක් ඉටු කරන බවයි.
The post රජයේ කැළෑ 40 ක් රක්ෂිත වනාන්තර බවට ප්‍රකාශයට පත් කරයි appeared first on ITN News.
Post a Comment