හරිත අනාගතයක් උදා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ක්‍රියාත්මක කරන ගුවනින් බීජ හෙළීමේ ව්‍යාපෘතියේ හයවන අදියර සාර්ථකව අවසන් වුණා.
වසර 2030 වන විට හරිත ආවරණය සියයට තිහක් දක්වා වර්ධනය කිරීමේ අරමුණින් වනාන්තර ප්‍රදේශවලට ගුවනේ සිට බීජ හෙළීම සිදු කරනවා. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම සිදු කෙරෙනවා.
සියඹලාණ්ඩුව, වත්තේගම කැබිලිත්ත වන රක්ෂිතයේ අක්කර 70 ක පමණ භූමි ප්‍රදේශයකට බීජ හැටපන්දහසක් හෙළීම සිදු කෙරුණේ හයවන අදියර යටතේයි. ඇහැළ, මී, කරද, මයිල, සියඹලා, කුඹුක්, කෝන්, මදටිය ආදී බීජ හෙළීම මේ අනුව සිදු වුණා.
The post ගුවන් හමුදාව ක්‍රියාත්මක කරන ගුවනින් බීජ හෙළීමේ ව්‍යාපෘතියේ 6වන අදියර සාර්ථකව අවසන් appeared first on ITN News.
Post a Comment