අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කෑගල්ල දැදිගම කොටවෙහෙර රජමහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමට තීරණය කෙරුනා.
කොටවෙහෙර රජමහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීම පිළිබද සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. වාහල්කඩක් සහිතව ඉදිවන විහාරස්ථානයේ නව ප්‍රවේශ මාර්ගය, බහුකාර්ය ගොඩනැගිල්ල, පොහොය සීමා මාලකය සහ සතර දේවාල ඉදිකිරීම පිළිබද මෙහිදී අවධානය යොමු වුණා.
පූජ්‍ය පොත්නාපිටියේ විමල, අලුත්නුවර සුමන යන ස්වාමීන් වහන්සේ මෙම අවස්ථාවට සහභාගී වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතා ඇතුළු පිරිසක්ද සාකච්ඡාවට සහභාගී වුණා.
The post දැදිගම කොටවෙහෙර රාජමහා විහාරස්ථානය සංවර්ධනයට පියවර appeared first on ITN News.
Post a Comment