මෙරට කාන්තාවන්ගෙන් 1/5 ක් තමන්ගේ සමීපම සහකරුවෙකු වෙතින් කායික හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දී ඇති බව අනාවරණය වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ජන ගහන අරමුදල කොළඹ මහ නගර සභාව සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය එක්ව සිදු කළ මෙරට කාන්තාවන් හා ගැහැණු ළමුන් පිළිබද ප්‍රථම ජාතික සමීක්ෂණය තුළිනුයි මේ තොරතුරු හෙළිව ඇත්තේ.
එම සමීක්ෂණය පදනම් කර ගනිමින් සිදු කළ දින 16 ක විශේෂ වැඩසටහන කොළඹ මහ නගර සභා පරිශ්‍ර යේ දී පැවැත්වුණා. ඊට සමගාමීව කාන්තා උපකාරක දුරකථන අංකය සහ මිතුරු පියස ක්ෂණික ඇමතුම් අංකය පිළිබද පණිවුඩ සමගින් කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල තැඹිලි පැහැ වර්ණයෙන් ආලෝකවත් කිරීම සිදු වුණා.
The post මෙරට කාන්තාවන් හා ගැහැණු ළමුන් පිළිබඳ ප්‍රථම වරට ජාතික සමීක්ෂණයක් appeared first on ITN News.
Post a Comment