Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ කළු ජාතික අහමඩ්ගේ ඝාතනයට චෝදනා එල්ල වූ සුදු ජාතිකයින් තිදෙනා වරදකරුවන් වෙයි  

Add comments

මුලු අමෙරිකාවම කම්පාවට පත් කළ කළු ජාතික අහමඩ් ආර්බරි ගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සුදු ජාතිකයින් තිදෙනා වරදකරුවන් බවට අමෙරිකා ජූරියක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2020 වසරේ පෙබරවාරි 23 වනදා අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ බ්‍රන්ස්වික් නම් ප්‍රදේශයේ ශාරීරික ව්‍යායාම කරමින් මාර්ගයේ දිව යමින් සිටියදී 25 හැවිරිදි අහමඩ් ආර්බරි වාහනයකින් හඹා විත් වෙඩි පහර එල්ල කොට ඝාතනය කරනු ලැබුවා. එම වෙඩි තැබීම සිදුවන අවස්ථාව දැක්වෙන වීඩියෝවක් සමාජගත වීමත් සමග එම ඝාතනය ජාතිවාදී ඝාතනයක් ලෙස අර්ථ දැක්වුණා.

සිද්ධියට අදාළ නඩු විභාගයේදී සුදු ජාතික ග්‍රෙගරි මැක් මයිකල්,ට්‍රැවිස් මයිකල් සහ විලියම් රොඩී බ්‍රයන් ද්වේශසහගතව එම කළු ජාතික තරුණයාව ඝාතනය කර ඇති බවට වරදකරුවන් කෙරුණා. විත්තකරුවන් තිදෙනාට දඩුවම් ප්‍රකාශයට පත් කරන දිනය විනිසුරුවරයා සදහන් කර නොමැති අතර ඔවුන් තිදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

 

The post ඇමරිකාවේ කළු ජාතික අහමඩ්ගේ ඝාතනයට චෝදනා එල්ල වූ සුදු ජාතිකයින් තිදෙනා වරදකරුවන් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG