Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගොඩගම ශ්‍රී වනරතන දෙමහල් දහම් මන්දිරය විවෘත කෙරේ  

Add comments

ගොඩගම ශ්‍රී වනරතන දෙමහල් දහම් මන්දිරය විවෘත කිරීම මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියන්ගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

උඩුමුල්ල පුරාණ ගල්ලෙන් පිරිවෙන ඇතුලු සිව්  මහා විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය ගොඩගම ශ්‍රී වනරතන ස්වාමීන් වහන්සේ අපවත්වීමෙන් තෙමසක් සපිරීම නිමිති කර ගනිමින් මෙම දහම් මන්දිරය විවෘත කෙරුණා. උන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ මැදිහත්වීමෙනුයි දහම් මන්දිරය ඉදි කෙරුණේ. මහා සංඝ රත්නය උදෙසා දහවල් දානය පිරි නැමීම ද මෙහිදී සිදු කෙරුණා. ප්‍ර දේශයේ දානපතීන්ගේ මෙන්ම දායක දායිකාවන්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් දහම් මන්දිරය ඉදි කර තිබෙනවා.

මේ අතර මතුගම හොරවල මාලමුල්ල බුදුපුත් මාපිය රැකවරණ මධ්‍යස්ථානය විවෘත කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පස්කුවල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මධ්‍යස්ථානය විවෘත කිරීමට සමගාමීව සර්ව රාත්‍රික පිරිත් දේශනයක් සහ මහා සංඝ රත්නය උදෙසා උදෑසන දානය පිළි ගැන්වීම ද සිදුකෙරුණා.

 

The post ගොඩගම ශ්‍රී වනරතන දෙමහල් දහම් මන්දිරය විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG