දකුණු අප්‍රිකා වැසියන්ට පනවා ඇති ගමන් තහනම ඉවත් කරන ලෙස එරට ජනාධිපතිවරයා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.
කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමුවීමත් සමඟ එරට වැසියන්ට තම රටට ඇතුල්වීම තහනම් කිරීමට රටවල් රැසක් පියවර ගත්තා. එම තීරණය සම්බන්ධයෙන් තමා දැඩි කලකිරීමට පත්ව සිටින බවයි දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමඕෂා සඳහන් කරන්නේ. එමෙන්ම එය කිසිඳු සාධාරණ හේතුවක් මත ගත් තීරණයක් නොවන බවද ඔහු සඳහන් කරනවා.
මේ අතර දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තයට පැමිණි ගුවන් මගීන් අතර සිටි කොරෝනා ආසාදිතයන් 61 දෙනා අතුරින් 13 දෙනෙකුට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ සමඟම දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීති දැඩි කිරීමටයි නෙදර්ලන්ත රජය පියවර ගෙන ඇත්තේ.
The post ද.අප්‍රිකාවට පනවා ඇති ගමන් තහනම ඉවත් කරන ලෙස එරට ජනපති ජාත්‍යන්තරයෙන් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment