තහනම් කෙරුණු රටවල් හයෙන් සංචාරකයින් පසුගිය දින 14 තුළ මෙරටට පැමිණ නැති බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
සංචාරකයින් හැර වෙනත් අය පසුගිය දින 14 තුළ මෙම රටවලින් පැමිණ ඇත්දැයි සොයා බැලීම ආරම්භකර තිබෙනවා. ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. අදාළ රටවල් හැර සෙසු රටවලින් මෙරටට සංචාරකයින් පැමිණීමට බාධා නැති බවද අමාත්‍යවරයා අවධාරණය කරනවා.
The post තහනම් කෙරුණු රටවලින් පසුගිය දින 14 තුළ සංචාරකයින් පැමිණ නැහැ – ඇමති ප්‍රසන්න appeared first on ITN News.
Post a Comment