Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ වැසි  

Add comments

දිවයිනට නැගෙනහිර දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වය පහළ වායු ගෝලීය කැළඹිලි ස්වභාවයක් දක්වා දුර්වල වී දිවයින ආසන්නයේ තවදුරටත් ස්ථානගතව පවතිනවා.

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

The post දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG