Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කොට ආර්ථික පුනර්ජීවනය වේගවත් කරන ලෙස ආසියා-යුරෝපා නායකයින් ඉල්ලයි  

Add comments

ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කොට ආර්ථික පුනර්ජීවනය වේගවත් කරන ලෙස 13වන ආසියා-යුරෝපා නායක සමුළුව ඉල්ලා සිටී

13වන ආසියා – යුරෝපා නායක සමුළුව ඊයේ(26) අවසන් විය. ජාත්‍යන්තර හා කලාපීය අභියෝගවලට මුහුණදී ලෝක ආර්ථික පුනර්ජීවනය හා තිරසර වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා බහු පාර්ශ්වවාදය ප්‍රවර්ධනය කරන ලෙස එම සමුළුවේ සභාපති ප්‍රකාශයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේය.

චීන අග්‍රාමාත්‍ය ලීකච්‍යන් මහතා බෙයි ජිං හිදී වීඩියෝ තාක්ෂණයෙන් එම සමුළුවට එක්වෙමින් දේශනයක් පැවැත්වීය.

කොවිඩ් වසංගතයට මුහුණදී සිටින වත්මන් කාලයේ විවිධ රටවල් එක්ව පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාවක් ගොඩනැගීමේ වැදගත්කම ඉස්මතු වී තිබේ. ලෝක සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා බහු පාර්ශ්වවාදයේ එල්බ සිටීම නිවැරදි තේරීමක් බව හෙතෙම එහිදී කියා සිටියේය.

කොවිඩ් වසංගතය හමුවේ එන්නත් හා‍ ඖෂධ පර්යේෂණ හා නිෂ්පාදන පිළිබඳව ආසියා – යුරෝපා රටවල් සහයෝගතා පවත්වමින් මහජන සෞඛ්‍ය සහයෝගතාද ඉදිරියට ගෙන යායුතු බව චීන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

The post ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කොට ආර්ථික පුනර්ජීවනය වේගවත් කරන ලෙස ආසියා-යුරෝපා නායකයින් ඉල්ලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG