Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු අප්‍රිකාවේ සිට පැමිණෙන ගුවන් යානා තාවකාලිකව අත්හිටුවීමට ඇමෙරිකාව තීරණය කරයි  

Add comments

දකුණු අප්‍රිකාවේ සිට පැමිණෙන ගුවන් යානා තාවකාලිකව අත්හිටුවීමට ඇමෙරිකා එක්සත් ජනපදයද තීරණය කර තිබෙනවා.

ඒ කොරෝනා වයිරසයේ නවතම ප්‍රබේදයක් දකුණු අප්‍රිකාවේ පැතිර යාමත් සමගයි.

දකුණු අප්‍රිකාවේ සිට පැමිණෙන ගුවන් යානා තහනම් කිරීමට මහා බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය මීට පෙර කටයුතු කළා. ලෝක සෞඛය සංවිධානය නිවේදනය කළේ නව වයිරස ප්‍රභේදය මෙතෙක් පැවති වයිරස් ප්‍රභේදවලට වඩා ප්‍රබල විය හැකි බවයි. එය ඔමික්‍රන් ලෙස නම්කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවට අමතරව බොට්ස්වානා,  සිම්බාබ්වේ,  නැමීබියා,  ලෙසතෝ වැනි රාජ්‍යයන්හි සිට පැමිණෙන ගුවන් යානා ද අත්හිටුවීමට කටයුතු කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කළා.

 

 

 

 

 

 

 

The post දකුණු අප්‍රිකාවේ සිට පැමිණෙන ගුවන් යානා තාවකාලිකව අත්හිටුවීමට ඇමෙරිකාව තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG