Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අම්බානි අභිබවමින් අදානි ආසියාවේම ධනවතා වෙයි  

Add comments

ඉන්දියාවේ මෙන්ම ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ මුකේෂ් අම්බානි අභිබවමින් අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා.

ගෞතම් අදානිගේ ශුද්ධ වත්කම් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එය සියයට එක්දහස් අටසිය අටක වර්ධනයක් බවයි පැවසෙන්නේ. මෙම වර්ධනය මාස 20 ක් වැනි කාලයක් තුළ සිදුවූවක් බව ද සදහන්. එම කාලය තුළ මුකේෂ් අම්බානිගේ වත්කම් ඉහළ ගොස් ඇත්තේ සියයට 250 කින් බව හෙළිව තිබෙනවා. සෞදි අරාබියේ ඇරම්කෝ ඛනිජ තෙල් සමාගම සමග ඇති කර ගත් ගිවිසුම අත්හැරීමත් සමග මුකේෂ් අම්බානිගේ ව්‍යාපාර සමූහයේ සුළු පසුබෑමක් දක්නට ලැබුණු බව ද පැවසෙනවා.

අදානි සමූහයේ කොටස් වැඩි මිලකට ඉන්දියානු කොටස් වෙළෙදපොළ තුළ හුවමාරු වු අතර අදානි පෝට්ස් කොටස් මිල ද සියයට 50 කින් පමණ ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

 

 

 

The post අම්බානි අභිබවමින් අදානි ආසියාවේම ධනවතා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG