අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රයෙන් මේ වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 25% කින් ඉහළ ගොස් ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා පවසනවා.
පේරාදෙණියේ පිහිටි එම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියා. පසුගිය වසරේ අපනයන කෘෂිකර්මාන්තයෙන් ලැබූ ආදායමට වඩා රුපියල් බිලියන 22 ක අදායමක් මේ වසරේ ඔක්තෝම්බර් මස වන විට ලබාගැනීමට හැකි වූ බව ද හීන්කෙන්ද මහතා සදහන් කළා.
2023 වසර වන විට මෙම ක්ෂේත්‍රයෙන් රුපියල් බිලියන 100 ක ඉලක්කගත ආදායමක් සපුරා ගැනීමට අපේක්ෂිතයි.
The post අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රයෙන් මේ වසරේ ආදායම 25%කින් ඉහළට appeared first on ITN News.
Post a Comment