Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලිබියා මැතිවරණ කොමිසම ගඩාෆිගේ පුත්‍රයාගේ අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කරයි  

Add comments

ලිබියාවේ හිටපු නායක  කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆිගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කිරීමට එරට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ලිබියාවේ ජනාධිපතිවරණය ලබන දෙසැම්බර් මත පැවැත්වීමට තීරණය කළ බවයි එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේ. ඒ සදහා පුද්ගලයින් 98 දෙනෙකු ලියාපදිංචිව සිටියා. එම ලැයිස්තුවෙන් 25 දෙනෙකුගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට උසස් ජාතික මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. ලිබියාවේ හිටපු නායක  කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වී ඇති බැවින් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නුසුදුසු බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.

බටහිර සහාය ලැබූ කැරළිකරුවන් අතින් ඝාතනය වූ හිටපු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගෙන් පසු අස්ථාවර සහ අසාර්ථක රාජ්‍යයක් ලෙස ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් අර්ථ දක්වන ලිබියාව යළි ස්ථාවර රාජ්‍යයක් බවට පත් කිරීමේ අරමුණින් එරට ජනාධිපතිවරණය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

 

 

 

 

 

 

 

The post ලිබියා මැතිවරණ කොමිසම ගඩාෆිගේ පුත්‍රයාගේ අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG