Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාධ්‍යවේදීන් 3000කට ඇසිදිසි රක්ෂණාවරණය ලබාදෙන වැඩසටහන හෙට ඇරඹෙයි  

Add comments

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් මාධ්‍යවේදීන් 3000 කට  ඇසිදිසි රක්ෂණාවරණය ලබාදෙන වැඩසටහන හෙට සිට ක්‍රියාත්මක වනවා.

සියලු මාධ්‍ය ආයතන නියෝජනය වන පරිදි තෝරාගත් මාධ්‍යවේදීන් 98 දෙනෙකුට හෙට දිනයේ රක්ෂණ ඔප්පු ප්‍රදානය කෙරෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් මාධ්‍යවේදීන්ට මෙසේ රක්ෂණාවරණ පිරි නැමීම සිදු වනවා.

ඇසිදිසි රක්ෂණාවරණය යටතේ නේවාසික වෛද්‍ය ප්‍රතිකාර, බාහිර ප්‍රතිකාර, අසාධ්‍ය රෝග සදහා ප්‍රතිකාර, ශ්‍රවණාධාර මෙන්ම ඇස් කණ්ණාඩි මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීම ද සිදු වනවා. ව්‍යාපෘතිය සදහා මෙවර අය වැයෙන් රුපියල් මිලියන 100 ක් වෙන් කර තිබෙනවා. රක්ෂණාවරණය සදහා මාධ්‍යවේදීන්ගෙන් කිසිදු මුදලක් අය කෙරෙන්නේ නැහැ.

 

The post මාධ්‍යවේදීන් 3000කට ඇසිදිසි රක්ෂණාවරණය ලබාදෙන වැඩසටහන හෙට ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG