මියන්මාරයේ හිටපු නායක අවුන් සාන් සු චි ට එරෙහිව නව චෝදනා යටතේ නඩු පැවරීමට එරට හමුදා රජය පියවර ගෙන තිබෙනවා.
දැනට අවුන් සාන් සු චි ට එරෙහිව පනවා ඇති නඩු වලට අමතරවයි දූෂන චෝදනා යටතේ නව නඩු පවරා ඇත්තේ. එමෙන්ම මියන්මාරයේ හිටපු ජනාධිපති වින් මින්ට් හටද නඩු පවරා ඇති බවයි එරට රජයේ මාධ්‍ය සඳහන් කරන්නේ. අවුන් සාන් සු චි භාවිතා කළ හෙලිකොප්ටර් යානයේ ගෙවීම් සම්බන්ධව නව නඩු පවරා තිබෙනවා. එම චෝදනා ඔප්පු වුවහොත් වසර 15 ක් දක්වා සිර දඬුවම් නියම කිරීමට අධිකරණයට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ. පසුගිය පෙබරවාරි පළමු වනදා හමුදා කුමන්ත්‍රණයක් මගින් අවුන් සාන් සු චි ඇතුලු රජය බලයෙන් පහ කෙරුණු අතර ඉන් පසුව ඇයට විරුද්ධව විවිධ චෝදනා යටතේ නඩු පැවරීම සිදු වනවා. කෙසේ වුවද එම සියලු චෝදනා ප්‍රතික්ශේප කරන බවයි ඇය සඳහන් කරන්නේ.
The post සුචි ට එරෙහිව නව චෝදනා යටතේ එරට හමුදා රජයෙන් නඩු appeared first on ITN News.
Post a Comment