කොරෝනා වයිරසයේ නව ඔමික්‍රෝන් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනීමටත් පෙර සිට එම ප්‍රභේදය නෙදර්ලන්තයේ තිබී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තයට ගුවන් යානා දෙකක පැමිණි මගීන් 14 දෙනෙකුට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති බව පසුගිය 28 වනදා හෙළි වුණා. කෙසේ වුවද පසුගිය මස 19 වන දින හා 23 වන දින අතර කොරෝනා ආසාදිතයින්ගෙන් ලබාගත් සාම්පල පරීක්ෂා කිරීමේ දී ඔවුන් ඔමික්‍රොන් ප්‍රභේදයේ ආසාදිතයින් බවට මේ වනවිට තහවුරු වී තිබෙනවා. ඒ අනුව දකුණු අප්‍රිකාවෙන් පැමිණි මගීන් අතරින් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනා ගැනීමටත් පෙර සිට නෙදර්ලන්තයේ එම ප්‍රභේදයේ ආසාදිතයින් සිට ඇති බවට තහවුරු වුණා. කෙසේ වුවද ඔවුන් කුමන රටක සිට නෙදර්ලන්තයට පැමිණියේ ද යන වග හෙළිව නැහැ.
The post ද.අප්‍රිකාවෙන් හඳුනා ගැනීමටත් පෙර ඔමික්‍රෝන් නෙදර්ලන්තයේ තිබී ඇති බව හෙළිවෙයි appeared first on ITN News.
Post a Comment