Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාස 20කට පසු බොරතෙල් බැරලයක අවම මිල වාර්තා වෙයි  

Add comments

මාස විස්සක කාලයකට පසු බොරතෙල් බැරලයක අවම මිල ඊයේ වාර්තා වුණා.

ලෝක වෙළෙදපොළේ පවත්නා බ්‍රිතාන්‍ය යේ බ්‍රෙරෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ වාර්තා වුණේ ඇමරිකා ඩොලර් 70.57 ක් ලෙසයි. පසුගිය සති කිහිපයට සාපේක්ෂව එය 3.9 % කින් මිල පහළ යාමක් ලෙස දැක්විය හැකියි. එමෙන්ම ලෝක වෙළෙදපොළේ පවත්නා ඇමරිකාවේ ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඊයේ වාර්තා වුණේ ඇමරිකා ඩොලර් 66.18 ක් ලෙසයි.

එය 5.4% කින් මිල පහල යාමක් ලෙස විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. එමෙන්ම ස්වභාවික ගෑස් ඒකකයක මිල සටහන් වූයේ ඇමරිකා ඩොලර් 4. 4 ක් ලෙසයි. ඒ අනුව ස්වභාවික ගෑස් ඒකකයක මිල 3.7% කින් පහළ ගොස් තිබෙනවා. සමස්තයක් ලෙස ගත්විට බ්‍රිතාන්‍ය යේ බ්‍රෙරෙන්ට්  බොරතෙල් බැරලයක මිල නොවැම්බර් මාසය තුළදී 16.4% කින් ද ඇමරිකාවේ ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක් 20.8% කින්ද පහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේ මාර්තු මාසයට පසු බොරතෙල් මිල අවම වූ පළමු අවස්ථාව මෙයයි. ඇමරිකාව,චීනය,ඉන්දියාව, ජපානය හා දකුණු කොරියාව තම ඉන්ධන සංචිතවලින් හදිසි භාවිතය සදහා ඉන්ධන නිකුත් කිරීම බොරතෙල් මිල පහළ යාමට හේතු වී තිබෙනවා.

 

 

The post මාස 20කට පසු බොරතෙල් බැරලයක අවම මිල වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG