ගෑස් ආශ්රිත පිපිරීම් සම්බන්ධයෙන් උද්ගත වූ තත්ත්වය මත දිවයිනේ ප්‍රදේශ 12 කින් ලබාගත් ගෑස් සාම්පලවලට අදාළ වාර්තාව පාරිභෝගික අධිකාරිය වෙත අද ලබා දීමට නියමිතයි.
අදාළ සාම්පලවල ගෑස් සංයුතිය පිළිබඳ සිය මතයද ඇතුළත් වන පරිදි එම වාර්තාව ඉදිරිපත් කරන බවයි මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු අංශයේ ප්‍රධානී මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා ප්‍රකාශ කරන්නේ.
මේ අතර ගෑස් සිලින්ඩර ආශ්රිත ගිනි ගැනීම් මෙන්ම පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට හා ඒ සඳහා විසදුම් සෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කමිටුවක් ද පත් කළා. එහි සභාපතිත්වය උසුලන්නේ ද මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතායි. ගෑස් සිලින්ඩර සිද්ධිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභා රැස්වීමක් ද පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා.
The post ප්‍රදේශ 12කින් ලබාගත් ගෑස් සාම්පලවලට අදාළ වාර්තාව අද පාරිභෝගික අධිකාරියට appeared first on ITN News.
Post a Comment