උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්නන් සෙවීම සදහා සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්නන් සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ. මේ වනවිටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්නන් පන්දහසකට ආසන්න පිරිසකට අවවාද කර මුදාහැර තිබෙනවා.
කළුතර පොලිස් කොට්ඨාසයේ මතට ඇබ්බැහිවූවන් නැවත සමාජගත කිරීමේ වැඩසටහනකට එක්වෙමිනුයි දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව කියාසිටියේ.
The post සෞඛ්‍ය නීති කඩකරන්නන් අල්ලන්න STF පාරට බසී appeared first on ITN News.
Post a Comment