Jan
23
බංග්ලාදේශ විදේශ සේවා ඇකඩමියේ නියෝජිත පිරිසක් අධ්‍යාපන චාරිකාවක් සඳහා මෙරට පැමිණ තිබෙනවා.
බංග්ලාදේශ නියෝජිත පිරිස විදේශ අමාත්‍යාංශයට පැමිණ ද්වීපාර්ශ්වික සාකච්ඡාවක නිරත වුණා. 16 දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ විදේශ සේවා නිලධාරීන් කණ්ඩායම පිළිගනු ලැබුවේ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතායි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පවත්නා අනාගත සහ වර්තමාන අභියෝග සම්බන්ධයෙන් මෙහිදී අදහස් හුවමාරුකර ගැණුනා. බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය සංවිධාන කරන වැඩසටහනකට ද බංග්ලාදේශ නියෝජිත කණ්ඩායම එක්වීමට නියමිතයි.
The post බංග්ලාදේශ විදේශ සේවා ඇකඩමියේ නියෝජිත පිරිසක් දිවයිනට appeared first on ITN News.
Post a Comment