සෞඛ්‍ය වැඩවර්ජනය අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි. සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ඊයේ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බවයි අදාළ වෘත්තීය සමිති පවසන්නේ. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉල්ලීම් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කර තීරණයකට එළඹෙන බවයි. ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව රජයේ සෞඛ්‍ය කළමණාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය වර්ජනයට එක් නොවීමට තීරණය කර තිබෙනවා. මෙම වැඩවර්ජනය එක්තරා පිරිසකගේ උසිගැන්වීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඔවුන් ඉල්ලන වැටුප් වර්ධක ලබා දුනහොත් ක්ෂේත්‍ර රැසක වැටුප් විෂමතාවක් ඇති වන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසනවා. ජාතික රෝහල මගින් ලබා දෙන බෙහෙත් වට්ටෝරු ඔසුසලින් ලබා ගැනීමටත් එක්ස්රේ වැනි පරික්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීමටත් මේ වන විට කටයුතු කරමින් සිටිනවා. මෙය දිගටම කළ නොහැකි කාර්යක් බවයි නියෝජ්‍ය අධ්යක්ෂවරයා පෙන්වා දෙන්නේ.
The post සෞඛ්‍ය වැඩවර්ජනය 3 වන දිනටත් ක්‍රියාත්මකයි appeared first on ITN News.
Post a Comment