Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔලිම්පික් ශූරතාව දිනා ගත් චීන ක්‍රීඩිකාවකගේ ජයට පිටුබලයක්  

Add comments

8වැනිදා පැවති බෙයිජිං ශීත ඍතු ක්‍රීඩා උළෙලේ ‍ෆ්‍රීස්කී වේදිකා හිමකඳු මත ලිස්සා යාමේ කාන්තා තරග ඉසව්වේ චීන ක්‍රීඩිකාවක වන ගූ අයිලිං මුලදී පසුගාමීව සිට පෙරලා අසිරිමත් ලෙස තරගයට අවතීර්ණ වෙමින්  එහි රන් පදක්කම් දිනා ගත්තාය.  එය හිම ක්‍රීඩා ඉසව්වකදී චීන ක්‍රීඩිකාවක විසින් දිනා ගත් ප්‍රථම ශීත ඍතු ඔලිම්පික් රන් පදක්කමයි.

‍ෆ්‍රීස්කී වේදිකා හිමකඳු මත ලිස්සා යාම ඉතාම අනතුරුදායික හා සංකීර්ණ ක්‍රීඩාවකි. තුවාල වීම වැළැක්වීම, තුවාල වීමෙන් පසු කායික පුනරුත්ථාපනය සිදු කිරීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතිශයෙන් වැදගත්ය. ගූ අයිලිංට රටේ අයිස් හිම ක්‍රීඩා ඉතිහාසයට එක් වීමට හැකි වීම සඳහා චීන සාම්ප්‍රදායික අස්ථිවේද විශේෂඥයින්ගේ රැකවරණය ද දායක විය.

‘ඉණ හා කොන්ද මෙතරම් සනීප නෑ මීට කළින්. අලුත් කොඳු ඇටයක් මාරු කරලා වගේ දැනෙන්නේ!’ –වසර 2019 ගූ අයිලිං පුහුණුවක් සිදු කරද්දී ඉණේ තුවාල වීමෙන් පසු ප්‍රකට චීන සාම්ප්‍රදායික වෛද්‍යවරයෙක් ඇය වෙනුවෙන් ප්‍රතිකාර කර ඇත. ඒ ඇගේ මවගේ සූදානම් කිරීමක් මතය. එම වෛද්‍යවරයා සාම්ප්‍රදායික ඇට එකතු කිරීමේ චිකිත්සාවෙන් ඇයට ප්‍රතිකාර ලබා දීමෙන් පසු, දැනුණු වෙනස ගූ අයිලිං  එලෙස පැවසුවාය.

The post ඔලිම්පික් ශූරතාව දිනා ගත් චීන ක්‍රීඩිකාවකගේ ජයට පිටුබලයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG