මහනුවර වත්තේගම මඩවල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අද පස්වරුවේ වත්තේගම මඩවල ප්‍රදේශයේ ගුන්නෑපාන ග්‍රාම නිලධාරි වසමේ පීල්ලවගුර ප්‍රදේශයේ අලුතින් ඉදිවන නිවසක් අසළ බැම්මක් ඉදිකිරීම සදහා කාණුවක් කපමින් සිටියදී ඊට ඉහළින් තිබූ පස් කන්ද කඩා වැටීමෙනුයි අනතුර සිදු වුණේ. එම ස්ථානයේ වැඩ කරමින් සිටි හතර දෙනෙකු පස් කන්දට යටව තිබෙනවා.
වහා ක්‍රියාත්මක වූ පොලීසිය හා ප්‍රදේශවාසීන් එම පුද්ගලයන් සිව් දෙනා ගොඩගෙන කටුගස්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා. දිවි බේරා ගත් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සෙසු තිදෙනාගේ මළ සිරුරු කටුගස්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. වත්තේගම පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
The post පස් කන්දක් කඩාවැටෙයි – 4 ක් යටවෙයි – 3ක් මරුට appeared first on ITN News.
Post a Comment