ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට අයිඕසී සමාගම පියවර ගෙන තිබෙනවා.
මේ අතර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ අයි ඕ සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමුව ද බස් ගාස්තු වැඩිකිරීමක් සිදු නොකරන බවයි.
ලංකා IOC සමාගමේ නව මිළ ඉහළ දැමීම අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් ඉහළ නංවා තිබෙනවා. එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 184ක්. 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ දැමුණා. එහි නව මිල 213ක් වනවා. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ 124ක්.
මෙලෙස ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තුවල වෙනසක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
The post IOC සමාගම ඉන්ධන මිල ඉහළ දමයි appeared first on ITN News.
Post a Comment